’’ ඒ පුත්‍රයා එතුමාගේ ප්‍රවෘත්ති ලේකම්’’


(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට කෝප් කමිටුවට සහභාගී වන්නට නොදීම වැරදි බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස -

මමත් මහජන මන්ත්‍රීවරයෙක්. මම විපක්ෂ නායක. මට පුළුවන්ද ලේකම්ලා අරගෙන කොප් කමිටුවලට යන්න. මට කෝප් එකේ කතා කරන්න බැහැ.

කෝප් කමිටු සභාපති වරයාගේ පුත්‍රයා එම කමිටුවට සහභාගී වී සිටි බවට කෙරුණු චෝදනාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසූයේ පිටස්තර කෙනකුට කෝප් කමිටුවේ වාඩි වෙන්න අයිතියක් නැති බවයි. නමුත් ඒ පුත්‍රයා එතුමාගේ ප්‍රවෘත්ති ලේකම් බව දැනුම් දී ඇතැයි ද කතානායකවරයා සඳහන් කළේය.