(ඩයනා උදයංගනී)
නිදහස් දින උළෙලේ දී ජනාධිපතිතුමා කළ කතාව හොඳ බව තමා පිළිගන්නා නමුත් වඩා වැදගත් වන්නේ කියන කතා නොව කරන ක‍්‍රියා යැයි එක්සත් ජාතික පෙරමුණු රත්නපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී කරුණාරත්න පරණවිතාන මහතා පැවසීය.
වත්මන් රජය විවිධ කතා කියමින් හා මාධ්‍ය සංදර්ශන පෙන්වමින් ජනතා ප‍්‍රශ්න අමතක කරවන බව කී මන්ත‍්‍රීවරයා බොරු ප‍්‍රබන්ධ ගොතා ආණ්ඩු බලය ගැනීම පහසු වුවත්, ඒ බොරුවලින් රට ඉදිරියට ගෙනයාමට නොහැකි බව ද සඳහන් කළේය.
රජය විසින් නිදහස් කරන බව කී රණවිරුවන් නිදහස් දිනය දා හෝ නිදහස් නොකළේ මන්දැයි තමන් ප‍්‍රශ්න කරන බව ද පරණවිතාන මහතා කීවේය.
කරුණාරත්න පරණවිතාන මහතා මේ බව පැවසුවේ කොළඹ, ශ්‍රීමත් මාකස් ප‍්‍රනාන්දු මාවතේ පිහිටි විපක්‍ෂනායක කාර්යාලයේදී අද (5) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

