(පාලිත ආරියවංශ)
කොරෝනා වයිරසයේ රෝග ලක්ෂණ ඇතැයි සැකකරන තරුණියක් අද (5) සවස බදුල්ල මහරෝහලේ විශේෂ ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කළ බව රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය.
එම තරුණිය 22 හැවිරිදි වියේ පසුවන අතර මොණරාගල, බුද්ධම පදිංචිකාරියකි.

ඇය චීනයේ විශ්වවිද්‍යාලයක ඉගෙනුම ලබමින් සිටි අතර, පසුගිය දිනකදී ලංකාවට පැමිණ තිබුණි. අසනීප තත්වයෙන් පසුවීම හේතුවෙන් කළ වෛද්‍ය පරීක්ෂණයක් අනුව, ඇයට කොරෝනා වයිරසය ආසාධනය වී ඇතැයි වෛද්‍යවරු සැක කළහ.
ඒ අනුව, එම තරුණිය සෞඛ්‍ය වෛද්‍ය නිලාධාරීන්ගේ උපදෙස් මත අද(05) බදුල්ල මහරෝහලේ විශේෂ ප්‍රතිකාර ඒකකය වෙත එවා තිබිණි.
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ඌව පළාත් සම්බන්ධීකාරක වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා විසින් සුවසැරිය ගිලන් රථයකින් ආරක්ෂිතව රැගෙන ආ ඇය ආරක්ෂිත පිවිසුමකින් විශේෂ ප්‍රතිකාර ඒකකයට කැටුව යන ලදී.

