(නාලක සංජීව දහනායක)
ශ්‍රී ලංකාවේ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගේ දක්‍ෂතාවයන් ඔප් නැංවීම සඳහා ජාත්‍යන්තර ප‍්‍රමිතියෙන් යුතු ක‍්‍රීඩා විශ්ව විද්‍යාලයක් ආරම්භ කරන බව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පැවැසීය.
කොළඹ පැවැති උත්සවයකදී අදහස් දක්වමින් අගමැතිවරයා මේ බව සඳහන් කළේය.
පාසල් මට්ටමින් මෙන්ම ප‍්‍රාදේශීය මට්ටමින්ද දක්‍ෂ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් හඳුනාගෙන ඔවුන්ගේ දක්‍ෂතාවයන් වැඩිදියුණු කිරීමට අවශ්‍ය පහසුකම් ලබාදීමේ අරමුණින් මෙම විශ්ව විද්‍යාලය ආරම්භ කරන බවද අග‍්‍රාමාත්‍යවරයා කීය.
බියගම මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක‍්‍රීඩාංගනය අවට තිබෙන භූමියේ එම විශ්ව විද්‍යාලය සෑදීම සඳහා අවධානය යොමුව තිබෙන බවද ඔහු කීය.

