’2000ක් නිරෝධායනය කළ හැකි මධ්‍යස්ථාන ඉදිකරමින්’


(ඉන්දිකා  රාමනායක)

රටේ පවතින තත්වය හමුවේ  පුද්ගලයන් 2000 ක පිරිසක් නිරෝධායනයට යොමු කළ හැකි මධ්‍යස්ථාන කිහිපයක් ම යුද හමුදාව විසින් ස්ථාපිත කරමින්  පවතින බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ලංකාදීපයට පැවැසීය.

මෙම කටයුතු කඩිනමින් ම සිදු කරමින් පවතින බවද හමුදාපතිවරයා කියා සිටියේය.

දැනටමත් ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යන මධ්‍යස්ථාන 96ක් තුළ පුද්ගලයන් 10, 500 දෙනෙකු නිරෝධානය වෙමින් පවතින බවද හමුදාපතිවරයා කියා සිටියේය.

ත්‍රිවිධ හමුදා නිරෝධායන මධ්‍යස්ථානවලින් නිරෝධායනය වූ 51,000 ට අධික පිරිසක් මේ වන විට සමාජගත කර ඇති බවද හමුදාපතිවරයා සඳහන් කළේය.