
(උපාලි ආනන්ද)
හිටපු පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතාගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියා ලෙස වසර 16 කට අධික කාලයක් මා සේවය කළා. මෙම කාලය තුළ කිසිදු දිනයක තම පිස්තෝල ගිනි අවිය හිටපු පොලිස්පති තුමා මාගෙන් ඉල්ලා නැතැයි හිටපු පොලිස්පති චන්දන දීපාල් වික්‍රමරත්න මහතාගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරි ප්‍රභූ ආරක්ෂක අංශයේ පොලිස් සැරයන් (697) ප්‍රසන්න මහතා අධිකරණය හමුවේ පැවැසීය.
හිටපු පොලිස්පති චන්දන දීපාල් වික්‍රමරත්න මහතා වෙඩි වැදී මිය යාමේ සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරික්ෂණයේ සාක්සි දෙමිනි සැරයන් (697) ප්‍රසන්න මහතා කඩුවෙල මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා ඉදිරිපිටදී මේ බව පැවැසීය.
හිටපු පොලිස්පතිවරයාට වෙඩි වැදී මිය යාම සම්බන්ධයෙන් බස්නාහිර දකුණ විශේෂ විමර්ශන ඒකකයේ මෙහෙයවීම මත සාක්සි ලබා දෙමින් හිටපු පොලිස්පතිවරයාගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරි (697) සැරයන් ප්‍රසන්න මහතා විවෘත අධිකරණයෙද් මෙසේද කීවේය.
කිසිම දිනක ගිනි අවිය ඉල්ලා නැති පොලිස්පති තුමා වෙඩි තබා ගත් දිනයේ පමණක් පරික්ෂා කිරීමට බව පවසා තම පිස්තෝල ගිනි අවිය සහ ඊට යොදන ෙ උන්ඩ ඉල්ලා ගත්තා.
හිටපු පොලිස්පති තුමා එම පිස්තේලයෙන් වෙඩි තබා ගත් බවත් වෙඩි වැදී මිය ගිය
මම වසර 16 කට අධික දීර්ඝ කාලයක් හිටපු පොලිස්පති සී. ඩී වික්‍රමරත්න මහතාගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරිය ලෙස සේවය කරනවා. මෙම කාලයේ සර් (හිටපු පොලිස්පති) කිසිම දචසක මගෙන් පිස්තෝලය කුමන හේතුවකට වත් ඉල්ලලා නැහැ. ඒ වගේම ව්‍යායාම කිරීමට ගිය කිසිම දිනයක වතුර බෝතල් රැගෙන ගියේ නැහැ. වතුර බෝතල් රැගෙන යන්න කියලා මට කියලත් නැහැ. මෙම සිද්ධිය වුණ දිනයේ සර් (හිටපු පොලිස්පති) ව්‍යායාම කිරීමට යාම සඳහා ව්‍යායාම කරන ඇඳුමින් සැරසී සිටියා. එහෙත් ඒ වෙලාවේ සපත්තු දාලා හිටියේ නැහැ. සාමාන්‍යයෙන් මීට පෙර නම් සර් ව්‍යායාම කිරීමට යාමට සූදානම් වෙලා සපත්තු නොදමා ඉන්නේ නැහැ. එහෙත් මෙම දවසේ සර් ව්‍යායාම කරන ඇදුම් ඇඳගෙන සිටියත් සපත්තු දාලා හිටියේ නැහැ. එදා සර් මට කිව්වා ප්‍රසන්න ඔයාගේ පිස්තෝලය මට දෙන්නකො පරික්ෂා කරලා බලන්න කියලා මම සර්ට පිස්තෝලය දුන්නා හැබැයි සර්ට පතුරම් දුන්නේ නැහැ.
ඊට පස්සේ සර් කිව්වා පරික්ෂා කරලා බලන්න කෝ පතොරම් දෙන්න කියලත් කිව්වා. සර් ඉල්ලපු නිසා පතොරොම් සහිත මැගසිනයත් සර්ට දුන්නා. පිස්තෝලයයි පතුරම් සහිත මැගසිනයයි මගෙන් ඉල්ලා ගෙන අතට අර ගත්තට පස්සේ සර් මට කිව්වා ප්‍රසන්න ව්‍යායාම කරන්න යන්න වතුර බෝතලයක් ගේන්න කියලා. මම වතුර බෝතලයක් ගෙන්න ගියා යනවාත් සමඟ වෙඩි ශබ්දයක් අසුනා ගිහින් බලන විට සර් එතන වෙඩි වැදී වැටී සිටියා. ගෙදර අය සමඟ ඉක්මනට සර් මුල්ලේරියාව රෝහලට රැගෙන ගියා. පසුව දැන ගන්න ලැබුණා සර් මිය ගොස් ඇති බව.
හිටපු පොලිස්පතිවරයා වෙඩි වැදී මිය මේ සිද්ධිය සම්බන්ධයෙන් සාක්සි ලබා දෙන අවස්ථාවේ හිටපු පොලිස්තිපතිවරයාගේ ආරක්ෂක නිලධාරි ප්‍රභූ ආරක්ෂක අංශයේ සැරයන් (697) ප්‍රසන්න මහතා වරින් වර ඉතා සංවේදී වන අයුරු දක්නට ලැබිණි.
හිටපු පොලිස්පතිවරයා වෙඩි වැදී මිය යාමේ සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණයේ අනෙකුත් සාක්සි සඳහා හිටපු පොලිස්පතිවරයාගේ රියදුරා සහ අරක්ඇමියා කැඳවන ලෙස මෙහිදි බස්නාහිර දකුණු විශේෂ විමර්ශන ඒකකයට නියෝග කළ කඩුවෙල මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා හිටපු පොලිස්පතිවරයාට වෙඩි වැදුනු බවට සැක කෙරෙන පිස්තෝල ගිනි අවිය සහ ඊට යොදන උන්ඩ සහිත මැගසිනය සහ පිස්තෝල හිස් පතුරම් කොපුව රජයේ රස පරික්ෂකරවයා වෙත යවා වාර්තාවක් කැදවන ලෙසට ද නියෝග කළේය.

