(ඩයනා උදයංගනී)
සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ කිසිඳු වෘත්තිකයකුට අසාධාරණයක් නොවන පරිදි ගැටලු විසඳාදීමට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පොරොන්දු වී ඇතැයි සම කැබිනට් ප්‍රකාශක, වැවිලි අමාත්‍ය, වෛද්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.
ඒ අනුව නිශ්චිත කරුණු කාරණා ඇතුළත් සංදේශයක් ඉදිරියේදී නිකුත් වනු ඇතැයි ඇමතිවරයා සඳහන් කළේය.
අමාත්‍ය රමේෂ් පතිරණ මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (6) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.
සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ වෘත්තීය සමිති ක්‍රියාත්මක කර ඇති වැඩ වර්ජන සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ද අවධානය යොමුවූ බව ඇමතිවරයා කීවේය.
ඒ අනුව සියලු වෘත්තීය කණ්ඩායම් සමඟ සාකච්ඡා කර විසඳුම්දීමට ජනපතිවරයා සූදානම් බව ද ඇමතිවරයා සඳහන් කළේය.

