(විනීතා එම් ගමගේ)
මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතුවලදී හමුවූ කෲඩියා සිලනිකා ශාකය තම ඉඩමේ රෝපණය කරන්නැයි ඒ ආසන්නයේ පදිංචිකරුවකු වන එම්. අයි. එච්. එස්. මුණසිංහ මහතා, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවමින් ඉල්ල සිටියි.
එම ගස හමුවූයේ තමන් සතුව තිබී අධිවේගී මාර්ගය සඳහා පවරාගත් ඉඩමෙන් බවත් සම්පූර්ණ ඉඩම පවරා නොගත් බවත් තමන් සතු ඉතිරි ඉඩමේ මෙම ගස රෝපණය කිරීම සඳහා ලබා දිය හැකි බවත් මුණසිංහ මහතා ජනාධිපතිවරයාට යැවූ ලිපියේ සඳහන් වෙයි.
විධිමත් විද්‍යාත්මක පරික්ෂණයකින් පසු මෙම ගස දැනට පවතින ස්ථානයේ පාරිසරික තත්ත්වයන්ට ගැලපෙන බවට තහවුරු වේ නම් එහි එම ගස ආරක්ෂිතව ප්‍රතිරෝපණය කරන්නැයි ද ඔහු ඉල්ලා ඇත.
මෙම ශාඛය එතැනම පවතිද්දී මාර්ගය වෙනත් දිශානතියකට හැරවීම, ගස අයත්වන පරිසර පද්ධතිය හුදකලා කර එය මැදිවන ලෙස අධිවේගී මාර්ගය ඉදිකිරීම හෝ එය ගලවා මුතුරාජවෙල පරිසර භූමියකට ගෙන යාමට දැනට යෝජනා වී ඇති බවත් තමන් ඉදිරිපත් කරන්නේ මේ යෝජනා සියල්ලටම වඩා වියදමින් හා ආරක්ෂිත යෝජනාවක් බවත් හෙතෙම පෙන්වා දෙයි.

