(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)

මස්කෙළිය, බ්‍රවුන්ලෝ තේ වතුයායේ, බ්‍රවුන්ලෝ කොටසේ  දෛනික සේවා කටයුතුවල  නිරතව සිටි වතු කම්කරුවන් පිරිසකට අද (21 ) හදිසියේ එල්ල වූ බඹර ප්‍රහාරයකින් 05 දෙනෙකු තුවාල ලබා මස්කෙළිය ප්‍රාදේශිය රෝහලට ඇතුළත් කරනු ලැබූහ.

වතුයායේ සුපුරුදු පරිදි වල් ගලවමින් සිටියදී කර්පන්ටයින්  ගසක බැඳ තිබූ විශාාල බඹර කූඩුවක් ඇවිස්සී තමන්ට එලව එලවා පහර දුන් බව තුවාල ලබා රෝහල් ගතකර සිටින වතු කම්කරුවන් පැවසූහ.

තුවාල කරුවන්ගේ තත්වය බරපතල නොවන බව මස්කෙළිය ප්‍රාදේශිය රෝහලේ වෛද්‍යවරු පැවසූහ.