‘‘සජබ‘‘ මන්ත්‍රීවරු පාර්ලිමේන්තු දොරටුවේ විරොධතාවක


(නිමල කොඩිතුවක්කු)

වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතට විරෝධය පළ කරමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පාර්ලිමේන්තු පිවිසුම ඉදිරිපිට දී අද(20) පෙරවරුවේ විරෝධතාවයක නිරත වූහ.

සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම විරෝධතාවය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් , සිවිල් සංවිධාන නියෝජිතයන්,  නීතීඥවරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

පාර්ලිමේන්තුව ආරම්භ කිරීමට ප්‍රථම පාර්ලිමේන්තු පිවිසුම් අසලට රැස් වූ සමගි ජනබලවේගය මන්ත්‍රීවරු විනාඩි විස්සකට අධික කාලයක් නිහඬ විරෝධතාවයක නිරත වූහ.