‘‘වතුකරයේ හැමෝටම නිවාස දෙනවා‘‘


(රංජිත් රාජපක්ෂ)                      

වතුකරයේ වැඩ කරන ජනතාවට මෙන්ම වැඩ නොකරන ජනතාවටද නිවාස ලබාදීමේ ව්‍යපෘතිය ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍යය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
 
මහ මැතිවරණය සඳහා නුවරඑලිය දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ යටතේ තරග කරන ලංකා කම්කරු කොන්ග්‍රසයේ අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම සඳහා අද (26) හැටන් ඩි.කේ.ඩබ්ලිව් සංස්කෘතික ශාලාවේ පැවති රැස්වීමකට සහභාගි වෙමින්  අගමැතිවරයා මේ බව පැවසීය.
 
දිවන්ගත ආරුමුගන් තොණ්ඩමන් මහතා වතුකරයේ ජනතාවගේ යටිතල පහසුකම් නංවාලීමට රැගෙන ආ ව්‍යපෘති සියල්ලම ඔහුගේ පුත් ජීවන් තොණ්ඩමන් මගින් සිදු කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
 
මෙම අවස්ථාවට හිටපු අමාත්‍ය ජී.එල්.පිරිස් , හිටපු රාජ්‍ය අමාත්‍ය නුවරඑලිය දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂක සී.බී.රත්නායක, ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම් ජීවන් තොණ්ඩමන් මහතාද සහභාගි විය.