‘‘රසායනික ද්‍රව්‍ය ප්‍රවාහනයේ දී සාගරය වන හානිවලට වන්දි ගන්න නීති අලුත් විය යුතුයි‘‘


(විනීතා එම් ගමගේ)

උපද්‍රවකාරී රසායනික මුහුදු මඟින් ප්‍රවාහනයේ දී  සිදුවන හානි හා පාඩු ගැන ක්‍රියාත්මකවන ජාත්‍යන්තර සම්මුතියට ශ්‍රී ලංකාව මේ වනතුරුත් අස්සන් කර නැතැයි පාරිසරික යුක්ති කේන්ද්‍රයේ සභාපති නීතිඥ රවින්ද්‍රනාත් දාබරේ මහතා පෙන්වා දෙයි.

1996 දී ප්‍රකාශයට පත් කරන ලද එම සම්මුතියට අස්සන් කර තිබුණේ නම් පවතින අති මහත් විනාශයෙන් යම් ප්‍ර්‍රමාණයකට හෝ වන්දි ලබා ගත හැකි යැයි බලාපොරොත්තුවක් හෝ තබා ගත හැකි යැයි ද එහි සභාපති නීතිඥ රවින්ද්‍රනාත් දාබරේ මහතා කියයි.

එම සම්මුතියට නාවික ගමනාගමනයන් සිදුකෙරෙන මුහුදුසීමාවන් අයත් රටවල් සියල්ලම පාහේ අස්සන් කර ඇති බවත් එසේ අස්සන් කර ඇති රටවල් මෙවන් ව්‍යසනයකට මුහුණ පෑ අවස්ථාවන් හිදී භූමිය වායු ගෝලය මෙන්ම සමුද්‍ර ජලයට යම් හෙයකින් අපාදාවට ලක්ව ඇත්නම් එකී සම්මුතිය යටතේ ඇති අරමුදලෙන් වන්දි ලබා දීමට කටයුතු කරන බව ද දාබරේ මහතා සඳහන් කරයි.