(ඩයනා උදයංගනී සහ නාලක සංජීව දහනායක)
විදුලි බල , බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය දැනට තිබෙන ස්ථානයෙන් ඉවත් කර රුපියල් කෝටි 364 ක වියදමින් වෙනත් ස්ථානයකට ගෙන යාමේ හදිසි අවශ්‍යතාවය කුමක්දැයි අමාත්‍ය රවී කරුණානායක මහතා පාර්ලිමේන්තුවට වහාම කරුණු දැක්විය යුතු බව ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පාර්ලිමේන්තුවේදී අද (24) පැවැසීය.
මේ වන විට දැඩි ලෙස පාඩු ලබමින් තිබෙන මෙම අමාත්‍යාංශය වෙනත් ගොඩනැගිල්ලකට ගෙන යාමේ කිසිම අවශ්‍යතාවයක් නොමැති බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
රට අධික ණය බරකින් පීඩාවට පත්ව තිබෙන අවස්ථාවක ඇමතිවරුන් සැප විඳීම සඳහා කරන මෙම කටයුතු අනුමත කළ නොහැකි බවද මන්ත්‍රීවරයා කීවේය.
රවී කරුණානායක ඇමැතිවරයාගේ යෝජනාවට මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විරුද්ධ වී ඇති නමුත් අමාත්‍යාංශය යටතේ ඇති ලෙකෝ ආයතනය හරහා එම මුදල් ලබා ගැනීමට කැබිනට් අනුමැතිය හිමිවී ඇතැයි කී හඳුන්නෙත්ති මහතා එම මුදල් අම්මා අප්පාගේ බූදලයකදැයි තමන් ප්‍රශ්න කරන බවද පැවැසීය.

