(රන්ජන් කස්තුරි)
වෙළෙඳපොළේ සහල්වල හිගයක් පවතින බව වාර්තාවේ.
ආණ්ඩුවේ මිල ගණන්වලට සහල් සිල්ලරට අලෙවිකළ නොහැකි හෙයින් සහල් තොග වෙළඳසැල්වලට ලබා නොගන්නා බව ද එම නිසා සහල් වල හිඟයක් පවතින බවද සිල්ලර වෙළෙන්දෝ කියති.
මේ අතර නාඩු කිලෝවක සිල්ලර මිල රුපියල් 105 ද සම්බා කිලෝවක මිල රුපියල් 120 ක් ද රතුකැකුළු සහ සුදු කැකුළු කිලෝවක මිල රුපියල් 105 ක්ද වශයෙන් වෙළඳපොලේ අලෙවිකරන බව වෙළෙන්දෝ කියති.

