‘‘රටට හිතකර තීන්දු පක්ෂයක් හැටියට අප ගන්නවා‘‘


(චන්ද්‍රසේන ගමගේ)

වරාය නගරය සම්බන්ධයෙන් මේ වන විට රට තුළ යම් සංවාදයක් ඇතිව තිබෙනවා යැයි පරිසර ආමත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ සම්බන්ධයෙන් තවමත් සාකච්ඡාවක් සිදු කර නෑ. මේ සම්බන්ධව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරියේදි සාකච්ඡා කරනවා.එහිදී රටට හිතකර තීන්දුවක් පක්ෂය විධියට ගන්නවා 

දැන් විපක්ෂය කියනවා කොළඹ වරාය නගරය තුළ වෙනම පොලීසියක් ඇති වෙනවා. වෙනම හමුදාවක් බිහි වෙනවා. වෙනම නීතියක් බිහිවෙනවා කියා එවැනි තත්වයක් රට තුළ ඇති වෙන්න ශ්‍රීලනිප ය ඉඩ තබන්නේ නෑ.

කෙසේ වෙතත් අපි හිතන්නේ නෑ ජනාධිපති තුමා එවැනි තත්ත්වයකට පත් වෙයි කියා. ජනාධිපතිට හා අගමැතිට අවශ්‍ය වී තිබෙන්නේ මේ රට දියුණු කරන්නයි. ඉන් පිට පැන රට තුළ පාලනයක් ගෙනියන්න ඔවුන් කටයුතු කරන්නේ නැතැයි අප තුළ විශ්වාසයක් තිබෙනවා.