(සුජිත් හේවාජුලිගේ )
වර්තමාන රජය වෙනස් වන තුරු මෙරට ගොඩනැගිය නොහැකි බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.
සීමිත කැබිනට් මණ්ඩලයකින් යුතු සර්ව පාක්ෂික රජයක් කෙටි කාලයක් සඳහා පිහිටුවීම මේ මොහොතේ පවතින විසඳුම බවත් එසේ සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවනු ලැබූවහොත් ලෝකයේ බොහෝ රටවල් මෙරටට උදව් කරනු ඇති බවත් හෙතෙම සඳහන් කළේය.
රජය කරන හොඳ වැඩවලට සහය ලබාදෙන බව පැවසූ හිටපු ජනාධිපතිවරයා විදුලිබල පනතේ යම් යම් ගැටලු තිබූ හෙයින් තමා ඊට පක්ෂව ඡන්දය නොදුන් බවද ප්‍රකාශ කළේය
චීනය ශ්‍රී ලංකාවට හැකි සෑම අවස්ථාවකම උදව් කරන බව ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා පැවසුවේ යැයිද ඔහු සඳහන් කළේය.