
(අංජුල මහික වීරරත්න)
පසුගිය ආණ්ඩුව දැන දැනම පාස්කු ප්‍රහාරයට ඉඩ දුන්නා යැයි චෝදනා කළ උදවිය දැන් දැන දැනම රටට කොරෝනා ගෙනවිත් ජනතාව මරණ මංචකයට ඇද දමා තිබෙන බව ජාතික වෘත්තීය සමිති පෙරමුණේ සභාපති සහ රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පවසයි.
"කොරෝනා මර්ධනය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය දුන් නිර්දේශ තුට්ටුවකට මායිම් නොකළ ආණ්ඩුව දිනකට මරණ හතළිස් අටක් වන තැනකට රට ඇද දමා අපරාධ වරදක් කර ඇතැයි ද රත්නප්‍රිය මහතා කියයි.
දිනකට මරණ හතළිහක් ,පනහක් පමණ වාර්තා වෙමින් තිබෙනවා. නිවෙස් වල ද මරණ වාර්තා වෙමින් තිබෙනවා .මේ තත්ත්වය කළමනාකරණය කිරීමට ආණ්ඩුව ගන්නා උත්සාහය සාර්ථක නැති බව දිගින් දිගටම පෙන්නුම් කරමින් තිබෙනවා .රෝහල් පද්ධතියට දරා ගන්නට හැකි ප්‍රමාණය ඉක්මවා ගොස් තිබෙනවා."යනුවෙන්ද පුංචි බොරැල්ල රජයේ හෙද නිලධාරීන්ගේ සංගම් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේ දී සමන් රත්නප්‍රිය මහතා සඳහන් කරයි

