(ඉන්දිකා රාමනායක)
විදේශත වීම සදහා කටුනායක ගුවන්තොටුපොළට පැමිණ සිටියදි අත්අඩංගුවට පත්වූ සංවිධානාත්මක අපරාධ කල්ලි වෙඩික්කරුවකු වන “බූරුමූණා” නමැත්තා ගුවන්තොටුපොළ පොලිසියේ සිට මෝටර් රථයකින් රැගෙන ගිය බව කියන සැකකරුවන් සිවදෙනකු අත්අඩංගුවට ගත් බව මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.
දැනට ඩුබාරේ රාජ්‍යයේ වෙසෙන “වරුණ” නැමැත්තා විසින් කටුවැල්ලේ සුරේෂ් නැමැත්තාට ලබාදුන් කොන්ත්‍රාත්තුවකට අනුව ඔහු බූරුමූණා නැමැත්තා ඉකුත් (24) දින ගුවන්තොටුපොළ පොලිසියේ සිට මෝටර් රථයක නංවාගෙන ඉවතට රැගෙන ගොස් ඇති බවද පොලිසිය කියයි.
සිද්ධිය වු දින සිට දින දෙකක් මීගමුව අවට රවාගෙන සිටි බූරුමූණා නමැත්තා මීගමුවේ සිට කුරුණෑගල දක්වා රැගෙන යාම සදහා භාවිතා කළ මෝටර් රථ 4 ක් පොලිසිය සොයාගෙන ඇත.
බූරුමූණා නමැත්තා ඉකුත් දා 24 දින ගුවන්තොටුපොළ පොලිසියේ සිට පිටතට පැමිණෙන අවස්ථාවේ සුරේෂ් නමැත්තා කුළියට ආයතනයකින් මෝටර් රථයක් ලබාගෙන තවත් සැකකරුවන් තිදෙනකු සමග බූරුමූණා නැමැත්තා මෝටර් රථයේ නංවාගෙන ඉවතට රැගෙන ගොස් ඇති බවද පොලිසිය සඳහන් කරයි.

