‘‘බැටික්ලෝ සරසවිය විවෘත කරන්න ඉඩ දෙන්නේ නෑ‘‘


(ජයන්ත සමරකෝන්)

උතුරේ හිටපු මහ ලේකම් හිස්බුල්ලා මහතාගේ ‘බැටික්ලෝ කැම්පස්‘ ආයතනය ලබන ජනවාරියේදී විවෘත කිරීමට තීරණය කර ඇතැයිද එහෙත් ඊට කිසිසේත් ඉඩ නොදෙන්නේ යැයිද පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පැවැසූහ.

ඒ සමඟම හිස්බුල්ලා සිරගෙට යා යුතු බවද උන්වහන්සේ සඳහන් කළහ.

අගමැතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය 2017 වසරේදී අනුමාන කරගත් විදේශ මූල්‍ය කළමනාකරණ පනත හේතුවෙන් රටට කළුසල්ලි ගලා ආ බවද හිස්බුල්ලාගේ බැටික්ලෝ සරසවිය එහි ප්‍රතිඵලයක් බවද  කී උන්වහන්සේ ඊළඟට බිහිවන ආණ්ඩුව මෙම පනත වහාම අහෝසි කළයුතු බවද කීහ.