
කොළඹ ගාලුමුවදොරහෝටලයේ පැවැති “පිනකල් ශ්‍රී ලංකා - 2023” සම්මාන උළෙලේදී ලංකාදීප පුවත්පතේ හිටපු ප්‍රධාන කර්තෘ සහ විජය පුවත්පත් සමාගමේ අධ්‍යක්‍ෂ සිරි රණසිංහ මහතා පුවත්පත් කලාව වෙනුවෙන් කළ අපරිමිත මෙහෙවර උදෙසා ජීවිත කාලයටම එක් වරක් පමණක් පිදෙන සම්මානයෙන් පිදුම් ලැබීය.
සිරි රණසිංහ මහතා වෙනුවෙන් පිරිනැමුණ එම සම්මානය ‘ලංකාදීප’ පුවත්පතේ ප්‍රාදේශීය නියෝජ්‍ය ප්‍රවෘත්ති කර්තෘ සහ ලංකාදීප වෙබ් අඩවියේ ප්‍රවෘත්ති කර්තෘ අරුණ ශාන්ත කුමාර මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ මහත්මිය පිරිනැමුවාය.
පුවත්පතක හොඳම ප්‍රාදේශීය ප්‍රවෘත්ති කර්තෘවරයා වෙනුවෙන් පිරිනැමෙන සම්මානය හිමිකරගත් ‘ලංකාදීප’ ප්‍රාදේශීය ප්‍රවෘත්ති කර්තෘ නිරෝෂණ ගොඩැල්ලගේ මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සරත් වීරසේකර මහතා එම සම්මානය පිරිනැමූ වේය.
හොඳම ප්‍රාදේශීය වාර්තාකරණය වෙනුවෙන් පිරිනැමෙන සම්මානය හිමිකරගත් ‘ලංකාදීප’ ඇත්කඳුර ප්‍රාදේශීය මාධ්‍යවේදී ජනත් ද සිල්වා මහතාට ආචාර්ය වීරසේකර මහතා එම සම්මානය පිරිනැමූ නැමුවේය.
එම්.යු.ජි.පී. ඉන්ටර්නැෂනල් ඕගනයිශේෂන් ජාත්‍යාන්තර සංවිධානය දෙවැනි වරටත් සංවිධායන කළ සම්මාන උළෙල ගාලු මෝදර හෝටලයේ දී පැවැත්විණි.
රටපුරා පිහිටි විවිධ ආයතන වෙනුවෙන් මහ ජන සමීක්ෂණවලින් තෝරාගත් හොඳම වෙළෙඳ සන්නාම සහ මාධ්‍ය ආයතවලට ද එහිදී මහජන සම්මාන ප්‍රදානය කරනු ලැබීය.
එහි ප්‍රධාන ආරාධිතයා ලෙස හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහභාගී වූ අතර රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රි සරත් වීරසේකර, හිටපු අමාත්‍ය ජිවන් කුමාරතුංග ජ්‍යෙෂ්ඨ කලාකාරිනි ජයංගනී දික්කුඹුර, ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ සුදත් රෝහණ ඇතුළු කලාකරුවෝ, මාධ්‍යවේදීහු විවිධ ව්‍යාපාරිකයෝ රැසක් ද එම්.යූ.ජී.පී. ඉන්ටර් නැෂනල් ඕගනයිශේෂන් ජාත්‍යන්තර ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් බෙංගමුවේ නාලක හිමි, සභාපති කිත්සිරි ජයරත්න විධායක අධ්‍යක්ෂ ඒ.කේ. නිරෝෂණ් මාධව සහ ජාතික සංවිධායිකා කළ්‍යානි කන්දේගම මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාව එක් වූහ.








