‘‘පිටකොටුව තොග වෙළෙඳපොළ හෙට සිට දින තුනක් විවෘතයි‘‘


(මහින්ද නිශ්ශංක)

පිටකොටුව තොග වෙළෙඳ මධ්‍යස්ථානය තොග වෙළෙඳාම සඳහා පමණක් හෙට සිට 24 දක්වා දින තුනක් විවෘතව තැබෙන බව අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ තොග වෙළෙඳ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න මහතා පවසයි.

ඒ අනුව මහා පරිමාණ තොග වෙළෙඳුන්ට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය දුරකතන මාර්ගයෙන් ඇනවුම් කර ලබා ගැනීමේ පහසුකම් සලසා ඇතැයි  ද ඔහු වැඩදුරටත්  කියයි.