‘‘පාස්කු සැකකරුවනට ඉදිරි මාස දෙකේ නඩු පවරනවා‘‘


(සුජිත් හේවාජූලිගේ)

පාස්කු ඉරුදින ප්‍රහාරයේ සැකකරුවන්ට ඉදිරි මාස දෙකක පමණ කාලයේ දී ස්ථීරයෙන්ම නඩු පැවරෙනු ඇතැයි අධිකරණ අමාත්‍ය ජානාධිපති නීතිඥ අලිසබ්‍රි මහතා පවසයි.

නීතිපතිවරයා පාස්කු ඉරුදින ප්‍රහාරය ගැන කරුණු සොයා බැලූ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ සහ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන වාර්තාවල සාක්ෂි සටහන් මේ දිනවල අධ්‍යයනය කරගෙන යන බවත් එම අධ්‍යයන කටයුතු අවසන් වූ වහාම නඩු පැවරීම් සිදු කෙරෙණු ඇති බවත් අධිකරණ ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

නඩු පැවරීම් කිසිසේත් ප්‍රමාද නොවනු ඇතැයි ද ඔහු කීය.

පාස්කු ඉරුදින ප්‍රහාරය ගැන කරුණු සෙවූ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාවෙන් ඉදිරිපත් කෙරෙන සාක්ෂි සටහන් ද නිරීක්ෂණය කිරීමට නීතිපතිවරයාට අවශ්‍යවූ බවත් එම වාර්තාව නීතිපතිවරයාට ලැබී ඇති හෙයින් එම සාක්ෂි සටහන් ද අධ්‍යයනයට ඔහුට අවස්ථාව සැලැසී ඇති බවත් අලිසබ්‍රි මහතා කියයි.