(සුජිත් හේවාජූලිගේ)
පාස්කු ඉරුදින ප්‍රහාරයට විවිධ අයුරින් සම්බන්ධ වී ඇතැයි කියන අන්තවාදී කණ්ඩායම්වල දස දෙනකු විදේශයන් හි සිට මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරගෙන යන බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසයි.
මෙසේ ගෙන්වා ගැනීමට කටයුතු කර ඇත්තේ ඕස්ට්‍රෙිලියාව,ඩුබායි හා කටාර් රාජ්‍යයන්හි සිටින දස දෙනකු බව ද වීරසේකර මහතා කියයි.
මෙම පිරිස එම රටවල සිට විවිධ අන්තවාදි අදහස් පතුරුවා ඇති බවට තොරතුරු හෙළි වී තිබෙන බව ද ඇමැතිවරයා සඳහන් කරයි.

