‘‘පළාත් පාලන කොමසාරිස්ට අභියෝග කරන්න හැකියාවක් නෑ‘‘


(රවින්ද්‍ර විරාජ් අබයසිරි)

පළාත් පාලන ආයතනවල සභාපතිවරයා සහ උප සභාපතිවරයා තෝරා ගැනීමෙදී පළාත් පාලන කොමසාරිස්වරයාට අභිමතයට අනුව කටයුතු කිරීමට ඇති බලය අභියෝගයට ලක් කිරීමේ හැකියාවක් නැතැයි මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.  

මැතිවරණ කොමිෂන් සභාව මගින් දිස්ත්‍රික් මට්ටමෙන් ක්‍රියාත්මක කරන උපාය මාර්ගික සැලසුම සකස් කිරීමේ 3 වැනි වැඩ මුළුව සහාභාගී වෙමින් ඒ මහතා එසේ පැවැසීය.  

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කොමසාරිස්වරයා මෙසේද ප්‍රකාශ කළේය.

දේශපාලන සංස්කෘතිය වෙනස් වෙයි කියල හිතෙනවා . පළාත් පාලන ආයතනවල වගකීම පක්ෂ පාට භේදයකින් තොරව ජනතාවගේ යහපත උදෙසා කටයුතු කිරීම  බොල් පිළිම සහ ගල් පිළිම කැරකි කැරකි තියෙනවා .

මැතිවරණ කොමිසම තියෙන්නෙ පළාත් පාලන ආයතනවලට සභිකයන් පත්කර ගැසට් කිරීමට . පළාත් පාලන ආයතනයේ සභාපතිවරයා , උප සභාපතිවරයා හෝ නගරාධිපතිවරයා සහ උප නගරාධිපතිවරයා පත් කිරීමේ බලය තියෙන්නෙ පළාත් පාලන කොමසාරිස්වරුන්ට. පනතෙ විදිහට කොමසාරිස්ට ඇති බලයට අභියෝග කිරීමට කාටවත් බැහැ. කොමසාරිස්වරයාගේ අභිමතයට තීරණ ගැනීමේ හැකියාවට නෛතික වශයෙන් කිසිදු බාධාවක් නැහැ