(වසන්ත චන්ද්‍රපාල)
2024 වසරේ දී නැගෙනහිර පළාතේ වයස අවුරුදු 16 අඩු දරුවන් 304 දෙනකු ලිංගික අපයෝජනයට ලක්ව ඇතැයි නැගෙනහිර දිසාව බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා පැවසීය.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා මේ බව පැවසුවේ නැගෙනහිර පළාතේ ආරම්භ කිරීමට නියමිත ළමා සහ කාන්තා අපයෝජන නිවාරණ ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ සමාරම්භක රැස්වීමේදී ය. එම ව්‍යාපෘතිය ‘‘සරෝජා‘‘ නමින් නම් කර ඇත.
නැගෙනහිර පළාතේ අනාරක්ෂිත දරුවන්ට සිදුවන ලිංගික අතවර ලිංගික හිංසන නැවත්වීමට ‘‘සරෝජා‘‘ ව්‍යාපෘතිය අදහසයි.
නැගෙනහිර පළාතේ ඊයේ දවසට පමණක් දරුවන් දෙදෙනකු ලිංගික අතවරයකට ලක්ව ඇති බව සදහන් කළේය.