ශ්‍රී ලංකාවේ සිටින චීන, ජපාන සහ දකුණු කොරියානු ජාතිකයන් ඇතුළු නැගෙනහිර ආසියානුවන්ට වෙනස්කම් කිරීම කනගාටුවට කරුණක් යැයි කතානායක කරු ජයසූරිය මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.
කතානායක කරු ජයසූරිය මහතා සිංහල සහ ඉංග්‍රීසි භාෂාවලින් මෙන්ම චීන බසින් ද මෙම ට්විටර් පණිවුඩය නිකුත් කර ඇත.
කරු ජයසූරිය මහතා නිකුත් කළ ට්විටර් පණිවුඩයේ මෙසේ දැක්වේ.
“ශ්‍රී ලාංකික ආගන්තුක සත්කාරය ලෝක ප්‍රසිද්ධය. අපගේ මිතුරු රාජ්‍යයක් වන මහජන චීනය කොරෝනා වයිරසය පාලනය කරමින් සිටින මේ අවස්ථාවේදී, ශ්‍රී ලංකාවේ වෙසෙන නැගෙනහිර ආසියානුවන්ට ඇතැම් පොදු අවකාශවලදී මිත්‍රශීලී නොවන අයුරින් සැලකීම කනගාටුදායකය”.
055

