‘‘දට්වා‘‘ නිසා තද සුළං සමග තද වැසි


ශ්‍රි ලංකාවට ගිනිකොණ දෙසින් පැවැති  පීඩන අවපාතය මේ වන විට ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී මඩකළපුව සිට කිලෝ මීටර් 120ක් ගිනිකොන දෙසින්  අක්ෂාංශ 6.7°N සහ දේශාංශ  82.1°E  ආසන්නයේ කේන්ද්‍රගත වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

මෙම සුළ කුණාටුව ‘‘දට්වා‘‘ සුළි කුණාටුව ලෙසින් නම්කර ඇති අතර එය උතුරට බරව වයඹ දෙසට ගමන් කිරීමේ හැකියාවක් ඇත. 

මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් පවතින තද වැසි සහ තද සුළං තත්වය ඉදිරි දින කීපයේදීත් බලාපොරොත්තුවේ.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල නිරන්තර වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

උතුරු,උතුරු මැද මධ්‍යම, සහ වයඹ පළාත්වලත්  ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත්  ඇතැම් ස්ථානවලට මිලි මීටර් 200 වැඩි තද වැසි ඇති  ඇති වන අතර සබරගමුව සහ බස්නාහිර පළාත්වලත්  බදුල්ල සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත්  ඇතැම් ස්ථානවලට මිලි මීටර්  150 ට වැඩි ඉතා තද වැසි ඇති වේ.  දිවයිනේ සෙසු  ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලි මීටර්  100 වැඩි තද වැසි ඇති වේ. දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පැයට කිලෝ මීටර් 60 -70ක සුළං හමන අතර තද සුළං  සමග විටින් විට පැයට කිලෝ මීටර් 80 දක්වා වන ප්‍රහාරාත්මක තද සුළං ඇති වේ.