‘‘තැපෑලේ සාමාන්‍ය සේවා තවම නෑ‘‘


(යොහාන් භාසුර)

තැපැල් දෙපාර්තමේන්තුව මේ දක්වා සාමාන්‍ය සේවා ආරම්භ කර නොමැති යැයි තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි.

සංචරණ සීමා පනවා තිබීම නිසා සියලුම තැපැල් සේවකයන් කැඳවීමට නොහැකි වීම නිසා තෝරාගත් සේවාවන් කීපයක් පමණක් ක්‍රියාත්මක කරන බවත් සාමාන්‍ය ලියුම් බෙදීම සහ මුද්දර ලබාදීම වැනි සේවා ක්‍රියාත්මක කිරීමට සේවකයන් ප්‍රමාණවත් නොවන බවත් තැපැල්පතිවරයා පැවසීය.

විශේෂ සහ ජාත්‍යන්තර පාර්සල් බෙදාහැරීම ඇතුළු කූරියල් සේවා, විශ්‍රාම වැටුප් ආදි මුදල් ගෙවීම් සහ ඖෂධ බෙදාහැරීම ආදි සේවා මේ වන විට ක්‍රියාත්මක වන බවත් තැපැල්පතිවරයා කීය.