(නිමල කොඩිතුවක්කු)
ජනතාවට සහන දෙන්න නොහැකි ආණ්ඩුව අද මෙන්ඩිස් සමාගමට බදු සහන දෙමින් තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා කොළඹදී පැවසීය.
මහ බැංකුවේ හොරු අල්ලන්න ආපු උදවිය එහි ප්‍රධාන සැකකරු විදියට සිටින සමාගම්වලට නැවත ගනුදෙනු කරන්න අවසර ලබා දීමෙන් ආවේ ඩීල් දේශපාලනය තහවුරු වන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
මෑත කාලයේ පාර්ලිමේන්තු ආපු හා ඉදිරියට එන්න ඉන්න උදවිය මේ ඩීල් වලට සම්බන්ධ බවට සැකයක් පවතින බවත් කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.

