‘‘ගෝඨාභය ඇමෙරිකානු පුරවැසිභාවයෙන් ඉවත් වූ බවට වන ලේඛන ලැබී තිබෙනවා‘‘


(ඩයනා උදයංගනී)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා අමෙරිකානු පුරවැසිභාවයෙන් නීත්‍යානුකූලව ඉවත් වූ බවට වන සියලු ලේඛන ලැබී ඇතැයි ඔහුගේ නීතීඥ, ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පැවසීය.

තමන් එම ලේඛන මැතිවරණ කොමිසන් සභාව වෙත ද ඉදිරිපත් කර තිබෙන බව අලි සබ්රි මහතා සඳහන් කළේය.

ගෝඨාභය රාජපක්ෂ මහතා තවමත් අමෙරිකානු පුරවැසිභාවයෙක් බවට පැතිරෙන ප‍්‍රචාරවල කිසිදු සත්‍යතාවයක් නැතැයි ද අලි සබ්රි මහතා සඳහන් කළේය.

ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා මේ බව පැවසුවේ කොළඹ, කිංග්ස්බරි හෝටලයේදී අද (10) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා එහිදී වැඩිදුරටත් මෙසේ ද පැවසීය.

‘‘ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපතිවරණයෙන් පසු 17 වැනිදා යළිත්  විදෙස්ගත වන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළවන තොරතුරුද අසත්‍ය ඒවා බව හෙතෙම සඳහන් කළේය.

ගෝඨාභය රාජපක්‍ෂ මහතා මැතිවරණයට ඉදිරිපත්වීම වැළැක්වීමට ගත් සියලු ක‍්‍රියාමාර්ග අසාර්ථකවීම නිසා එක්සත් ජාතික පක්‍ෂයේ ඇතැමුන් දැන් අසත්‍ය ප‍්‍රචාර පතුරුවමින් සිටින බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.