
(ශාන්ත ප්‍රදීප් කුමාර)
කොරෝනා වසංගතයෙන් පසුව පළමු වරට පාසල් ආරම්භ කරන ලබන 12 වැනි දා පාසලට එන ගුරුවරුන්්ට බාධා කොර තර්ජනය කිරිම් වාර්තා වුවහොත් ඊට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි.
රජයක් ලෙස අවදානය යොමුකර මේ මොහොතේ දිය හැකි හොඳම විසඳුම ගුරුවරුන්ට ලබා දී ඇති බව කී ඇමැතිවරයා ඔවුන් ඒ විසඳුමෙන් සෑහීමකට පත්වී නොමැති බව ද කීවේය.
පාසලට පැමිණ දරුවන්ට ඉගැන්වීම් කටයුතු ආරම්භ කරන්නැයි තමා ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටින බව ද ඔහ් සඳහන් කළේය
මෙම වර්ජනය නිසා සිසුන් ලක්ෂ ගණනක් සහ මවුපියන්ගේ මානසික තත්ත්වය පිරිහි ඇතැයි ද ඔහු සඳහන් කරයි.
බස්නාහිර පළාත දකුණ නුගේගොඩ කොට්ඨාසයේ ග්‍රාම නිලධාරි වසම් 300ක ප්‍රජා පොලිස් ඒකක 97ක් පිහිටුවීමේ සමාරම්භක උත්සවයට සහභාගීවූ අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.


