‘‘ගෑස් හිඟයක් ඇති වෙන්නේ නෑ‘‘


(රෝහණ සමරවීර)

රට තුළ කිසිම ගෑස් අර්බුධයක් ඇතිවන්නේ නැහැ. රටට අවශ්‍ය ගෑස් සැපයීමට අපට හැකියාව තිබෙනවා. ඒ සදහා අවශ්‍ය කරන මූල්‍ය ප‍්‍රතිපාදන අප සතුව පවතිනවා යැයි ලිට්ට්‍රෝ ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා පවසයි.

ඉදිරි මාසයට අවශ්‍ය කරන ගෑස් සංචිත ආනයනය කිරීමට අවශ්‍ය සියලු කටයුතු මේ වනවිට ගෙන අවසන්. මෙවැනි ප‍්‍රකාශ සිදු කරන්නේ ඉතා වගකීමෙන්. පසුගිය දින දහය තුළ පමණක් අපි ගෘහස්ත ගෑස් සිළින්ඩර් අනූ පන් දහසකට වඩා රටේ පාරිභොගිකයන්ට නිකුත් කර තිබෙනවා. එය අතිරික්තයක්. මොකද ලංකාවේ දෛනික ගෘහස්ත ගෑස් අවශ්‍යතාවය ගෑස් සිළින්ඩර් අනූ දහසත් අනූ පන්දහසත් අතර පවතිනවා.

මේ ගෑස් අර්බුදය ඇති වෙන්න පෙර දිනයේ අප සමාගම පමණක් ගෑස් සිළින්ඩර් අසූ දහසක් පාරිභොගිකයින්ට නිකුත් කරණු ලැබුවා.