‘‘ගාන වැඩි කළා: ප්‍රශ්න පත්‍ර බලන්න‘‘


(රංජන් කස්තුරි)

අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පිළිතරු පත්‍ර ඇයයීමේ නිරතවන පරික්ෂකවරුන්ට ගෙවන දීමනා සහ ගාස්තුව මෙවර සියයට සියයකින් ඉහළ දමා  ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි.

එම නිසා දරුවන් ගැන සිතා උසස් පෙළ පිළිතරු පත්‍ර ඇගයීමට එක්වැන්නැයි විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගෙන් සහ ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටින බව ද බත්තරමුල්ල විභාග දෙපාර්තමේන්තුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ බව පැවැසීය.

විද්‍යා නොවන විෂයන්ගේ පිළිතරු පත්‍ර ඇගයීමේ නිරතවන ප්‍රධාන පරීක්ෂකවරයකු මෙතෙක් ලැබුණේ රුපියල් 62050ක් වන අතර එය මෙවර රුපියල් 101600දක්වා වඩි කර ඇතැයි ද ඔහු කියයි.  

අතිරේක ප්‍රධාන පරික්ෂකවරයකු ගේ 52250 දීමනාව රුපියල් 90270 දක්වා වැඩිකර තිබෙන බව ද සහකාර පරීක්ෂකවරුන්ගේ දීමනාව රුපියල් 36725 සිට 60475 දක්වා වැඩ කළ බව ද විභාග කොමසාරිස්වරයා කියා සිටියේය.