(සුජිත් හේවාජුලිගේ)
කොවිඩ් රෝගය ආසාදනයවන 100 දෙනකුගෙන් පස් දෙනකුම අසාධ්‍යවීමේ ප්‍රවණතාවක් ඉදිරි සතියේදී ඇතිවිය හැකි බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනී විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පැවැසුවාය .
"රෝගය ආසාදනය වෙන සෑම 100 දෙනෙකුගෙන්ම පස් දෙනකු පමණ තව සති දෙකකදී අසාධ්‍යවීමේ ප්‍රවණතාවක් තියෙනවා. ඒකෙන් සියයට දෙකක් විතර මරණයට පත්වීමේ ප්‍රවණතාවක් තියෙනවා .තවත් සති දෙකක් විතර යනකොට. අපි අද නොසැලකිලිමත්ව හැසිරුණොත් අපිට ඉන්දියාවට වෙච්ච දේ වෙනවා කියන එක සැකයකින් තොරයි."
"මේ තත්වය නිසා කොවිඩ් පාලනය අවධානයෙන් සහ උනන්දුවෙන් කිරීම වැදගත් වෙනවා. ඒ වගේම රෝගීන් සොයාගෙන ගොස් හඹාගෙන ගොස් ප්‍රතිකාර කිරීමට කටයුතු කළ යුතුයි.රෝගීන්ගේ සමීපතමයන් වෙන්කර ප්‍රතිකාර ලබාදීමත් මෙහිදී ඉතාම වැදගත් වෙනවා. "
" මේ අවස්ථාවේදී කවුරුත් පරිස්සම් විය යුතුයි. සෞඛ්‍ය නීති අකුරටම පිළිපැදිය යුතුයි .එසේ කටයුතු නොකළහොත් ලොකු ගැටලුවක් ඇතිවෙනවා.මේ තීරණාත්මක අවස්ථාවේදී සමාජයේ සමහරුන්ගේ හැසිරීම නම් සතුටුදායක නැහැ.ඒක කියන්න වෙනවා "

