(යොහාන් භාසුර)
ක්‍රිකට් ක්‍රීඩකයන්ට වාර්ෂික කොන්ත්‍රාත්තුව පිළිබඳව ගැටලුවක් පවතින්නේ නම් එළඹෙන නිලවරණයෙන් පත්වන නව ක්‍රිකට් පරිපාලනය සමඟ සාකච්ඡා කර විසඳුමක් ලබාගත හැකි යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලන කමිටු සභාපති වෛද්‍ය මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පවසයි.
ශ්‍රී ලංකා එක්දින පිලට ඇතුළත් ක්‍රීඩකයන් කොන්ත්‍රාත්තුවට අස්සන් නොකරම බංග්ලාදේශයට පිටත්ව ගිය අතර ශ්‍රී ලංකාවේ රැදී සිටින ක්‍රීඩකයෝ කොන්ත්‍රාත්තුවට අස්සන් කිරීම ප්‍රතික්ෂේප කර තිබේ.
නව කොන්ත්‍රාත්තුවෙන් ගෙවීම් කප්පාදු කර ඇති බවට ක්‍රීඩකයන් සහ ක්‍රිකට් ආයතනය අතර ගැටුමක් නිර්මාණය වී තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලනයට ඉදිරි වසර දෙක සඳහා නිලධාරීන් පත්කිරීමේ නිවලරණය ලබන බ්‍රහස්පතින්දා (20 වැනිදා) පැවැත්වීමට නියමිතය.

