‘‘කිරින්දේ ඛණිජවැලි නිධිය පෞද්ගලික අංශයට නොදිය යුතුයි‘‘


(විනීතා එම් ගමගේ)

පරිසර ප්‍රශ්න ඇති නොවන පරිදි කිරින්දේ ඛණිජවැලි නිධිය  ප්‍රයෝජනයට ගත යුතු යැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූ ගර්භ විද්‍යා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා කියයි.

දකුණු වෙරළ තීරයේ තංගල්ලේ සිට වලවේ ගඟ මුහුදට වැටෙන ස්ථානය දක්වා දිවෙන මෙම ඛණිජ වැලි නිධිය භාවිතයට ගත හැකි නමුත් එයින් පරිසර ප්‍රශ්න ඇති නොවන පරිදි එය ලබාගැනීම අනිවාර්ය යැයි ද සේනාරත්න මහතා පෙන්වා දෙයි.

පරිසර ප්‍රශ්න ඇති නොවන පරිදි ඛණිජ වැලි නිධිය ප්‍රයෝජනයට ගැනීමට නම් පෞද්ගලික අංශයට නොදිය යුතු බවත් රාජ්‍ය අංශයේ තබාගත යුතු බවත් පෙන්වා දුන් මහාචාර්යවරයා කර්මාන්තයක් ලෙස මෙම ඛණිජ නිධිය ප්‍රයෝජනයට ගත හැකි බව පෙන්වා දුන්නේ තමන් විශ්ව විද්‍යාල සිසුවකු සමයේ දී කළ අධ්‍යයනකින් පසුව යැයි ද කියා සිටියේය.

දැනට පුල්මුඩේ පිහිටි ඛණිජ වැලි කම්හල පවා පෞද්ගලික අංශයේ අත පෙවීම් හමුවේ අසාර්ථක වී ඇතත් එය ද අතිශයින් ලාභ ලබන පරිසර හිතකාමි ආයතනයක් ලෙස පවත්වා ගෙන යා හැකි යැයි හෙතෙම පෙන්වා දුන්නේය.