( තිළිණි ද සිල්වා )
පවතින අවදානම් තත්ත්වය යටතේ සේවක ආරක්ෂාව උපරිම ලෙස සලකා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව හා ඊට අනුකූලව කර්මාන්ත ශාලා පවත්වාගෙන යා යුතු බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති සංජය මොහොට්ටාල මහතා සියළු කර්මාන්තශාලා පරිපාලනයෙන් ඉල්ලීමක් කර සිටී.
සේවකයින්ගේ රැකියා සුරක්ෂිත භාවය හා නිෂ්පාදන හා අපනයන ක්‍රියාවලියේ අනාගත යහ පැවැත්ම පිළිබදව මෙම අවදානම් අවස්ථාවේ ගැඹුරින් සිතා බැලිය යුතු බවද හෙතෙම කියා සිටී.
කම්හල තුලදී පමණක් නොව ප්‍රවාහණයේදී නිවසේදී හා අනෙකුත් සෑම ස්ථානයකදීම සෞඛ්‍ය මාර්ගෝපදේශයන් අනුගමනය කරමින් මෙම උවදුරින් මිදීමට සියලු දෙනා කටයුතු කරනු ඇතැයිද අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරායා කීවේය.
කොවිඩ් තෙවන රැල්ල ආරම්භ වීමත් සමග රෝගීන්ගේ වර්ධනයක්, ඇතැම් කර්මාන්ත ශාලා තුලින් පෙන්නුම් කරන අතර, එහෙත් මනා පාලනයකින් යුතුව බොහෝ කර්මාන්ත ශාලා පවත්වාගෙන යන බවද සදහන් කළ යුතුව ඇතැයි ආයෝජන මණ්ඩලය සභාපතිවරයා කීය.

