(අංජුල මහික වීරරත්න සහ නිමල කොඩිතුවක්කු)
එක්ස්ප‍්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමට ලක්වීම පිළිබඳව අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්විය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
නැවෙි ඇසිඩ් කාන්දුවක් වාර්තාවීමත් සමග නැව කටාර් දේශයේ හමාඩා වරාය වෙත යාමට උත්සාහ කොට ඇති නමුත් ඇසිඩ් කාන්දුව නිසා වරායට ඇතුල් වීමට කටාර් රාජ්‍ය අවසර දී නැතැයි ද එවන් අවදානම් සහගත නෞකාවක් මෙරට මුහුදු සීමාවට ඇතුල් වීම අහම්බෙන් සිදුවිය හැක්කක් නොවේ යැයිද සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.
" ඊට අවසරය ලැබුණේ කෙසේද?කාගෙන්ද? යන බරපතල ප්‍රශ්නය මේවනවිට පැන නැගී තිබේ.ජාතික ආරක්ෂාව පිළිබඳව පුන පුනා කතා කරන ආණ්ඩුව මෙවන් අවදානම් සහගත නෞකාවක් මෙරට මුහුදු තීරය වෙත පැමිණෙන තුරු නිහඬව සිටියේ ඇයි?
අදාල ගිනිගැනීම හේතුවෙන් සමුද්‍රීය පද්ධතිය ඇතුලු සමස්ථ පරිසරයට දැඩි අහිතකර බලපෑම් සිදුව ඇති බව වාර්තා වේ.'එක්ස්ප්‍රස් පර්ල්' නෞකාව ඉන්දියාවේ සහ කටාර් හි වරායන් දෙකකට ඇතුළුවීමට සිදුකළ ඉල්ලීම එම වරායන් ප්‍රතික්ෂේප කළ බවට පළවූ විදෙස් මාධ්‍ය වාර්තා පිළිබඳව අපගේ විශේෂ අවධානය යොමු කරන අතර මේ සිදුවීම හරහා පැන නගින විශේෂ ගැටලු රැසකි යනුවෙන් ද විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

