‘‘ඉසුරු උදානට සහ චමින්ද වාස්ට දෙවැනි පී.සී.ආර්. පරීක්‍ෂණයෙන් කොරෝනා නෑ‘‘


(යොහාන් භාසුර)

ඉසුරු උදාන සහ චමින්ද වාස් දෙවැනි පී.සී.ආර්. පරීක්‍ෂණයෙන් ‘කොවිඞ්’ ආසාදිතයන් නොවන බව තහවුරු වී ඇති බව ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා පවසයි

ක‍්‍රීඩකයන් වන ඉසුරු උදාන සහ ශිරාන් ප‍්‍රනාන්දු, වේග පන්දු පුහුණුකරු චමින්ද වාස් ‘කොවිඞ්’ ආසාදිතයන් ලෙස පළමු පී.සී.ආර්. පරීක්‍ෂණයෙන් තහවුරු වූ බවත් දෙවැනි පරීක්‍ෂණයෙන් ඉසුරු සහ වාස් ආසාදිතයන් නොවන්නේ යැයි තහවුරු වී ඇති බවත් ප‍්‍රධාන විධායක නිලධාරියා පැවසීය.

ශිරාන් ප‍්‍රනාන්දු මෙම සංචාරයට පිටත්ව යෑමට පෙර ‘කොවිඞ්’ ආසාදිතව සුව ලැබූ පුද්ගලයෙක් බවත් ඒ හේතුවෙන් ඔහුගේ ශරීරයේ වයිරසය තිබුණ ද ඔහුගෙන් වෙනත් අයට බෝ නොවන බව වෛද්‍යවරු පවසා ඇති බවත් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ප‍්‍රධාන විධායක නිලධාරියා කියයි.

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරියා පැවසුවේ පළමු එක්දින ජාත්‍යන්තර ක‍්‍රිකට් තරගය නියමිත පරිදි ඩකාහිදී අද  පැවැත්වෙන බවත් තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 12.30 ට ආරම්භ වීමට නියමිත බවත්ය.