ලෝක සෞඛ්‍ය සංවිධානයට ලබාදෙන ආධාර කපාහැරීමට මෙය සුදුසු වේලාව නොවන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්තෝනියෝ ගුටරෙස් පැවැසීය.
ලෝක සෞඛ්‍ය සංවිධානයට ලබාදෙන ආධාර කපාහරින බවට ඇමෙරිකානු ජනාධිපතිවරයා කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ජගත් මහලේකම්වරයා කීය.
ඇමෙරිකා එක්සත් ජනපදය ලෝක සෞඛ්‍ය සංවිධානයට දෙන ආධාර තාවකාලිකව අත්හිටුවන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවැසීය.
"මෙය එකමුතුකමෙන් වැඩ කරන්න ඕනෑ කාලයක්. වයිරසය සහ එහි ප්‍රතිවිපාක නැවැත්වීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව එකට එක්ව සහයෝගයෙන් වැඩ කළ යුතුයි . අපි සහයෝගයෙන් වැඩ කරන්න ඕනෑ යැයි එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා තවදුරටත් කීය.
ද ගාඩියන්
055

