(අංජුල මහික වීරරත්න සහ බන්දු තඹවිට)
ජනාධිපතිධූරයට නොව සක්විත රජකමටත් තම ආත්ම ගරුත්වය මෙන්ම මාතෘ භූමිය පාවා දෙන්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා මතුගමදී අද (25) පැවැසීය.
ලංකා ඉතිහාසයේ කිසිම කොන්දේසියකට යටත් නොවී රට ගොඩනගන්නට ඉදිරිපත්වන එකම අපේක්ෂකයා තමා බව කී අමාත්‍යවරයා කුමන කෙනෙහිලිකම් කළත් රට ගොඩනගන ගමන නතර කිරීමට කිසිම ජගතෙකුට මෙවර හැකියාවක් නොමැති බවද අවධාරණය කළේය.
‘සජිත් එනවා‘ මතුගම ජන රැළිය අමතමින් නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කීය.
මතුගම මහජන ක්‍රීඩාංගණයේ පැවති ජන රැළියට වැසි සහිත කාලගුණයද නොතකා අතිවිශාල ජනකායක් සහභාගි වී සිටියහ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා මෙසේද කීය.
ගංවතුර නිසා අපේ රටේ විශාල පිරිසක් පීඩාවට පත්ව සිටිනවා.ඒ ජනතාව වෙනුවෙන් ශක්තිය දී පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන් ඔවුන්ගේ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කරන්න රජය සැදීපැහැදී සිටිනවා.
(ඡායාරූප- ලහිරු හර්ෂණ)




