‘‘ආණ්ඩුව ජාතික පාසල් දහසක් අල්ලාගෙන මාධ්‍ය සංදර්ශනයක‘‘


(රංජන් කස්තුරි)

පාසල් අධ්‍යාපනය මුළුමනින්ම කඩා වැටී ඇති තත්ත්වයක් තුළ ආණ්ඩුව ජාතික පාසල් දහසක් අලුතින් ස්ථාපිත කිරීමේ සංදර්ශනයක් අරඹා ඇතැයි ලංකා ගුරු සංගමය චෝදනා කරයි.

කිසිදු විද්‍යාත්මක පදනමකින් තොරව ජාතික පාසල් ව්‍යාපෘතියට පාසල් තෝරාගෙන ඇති බව ද එය අසාර්ථක ව්‍යාපෘතියකැයි ද ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කියයි.

ජාතික පාසල් බවට පත් කිරීම සඳහා පාසල් තෝරාගෙන ඇත්තේ ප්‍රදේශයේ දේශපාලනාඥයින්ගේ ඕනෑ එපාකම් මත බව ද පළාත් සභා මගින් දියුණු කරන ලද නගරයේ ඇති පාසල් පමණක් තෝරා ගැනීම ගැටළු සහගත බව ද ඔහු සඳහන් කරයි.