(අංජුල මහික වීරරත්න)
රාජ්‍ය සම්පත් විකුණන්නේ නැති බව ප්‍රකාශ කරමින් බලයට පැමිණි ආණ්ඩුව මේ වනවිට කෙරවලපිටිය වෙස්ට් කෝස්ට් පවර් ආයතනයේ 51 % ක කොටස් හිමිකාරිත්වය එක්සත් ජනපදයට අයත් සමාගමකට විකිණීමට සැලසුම් කර ඇති බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.
රජයට මුදල් නැති නිසා මෙලෙස රාජ්‍ය සම්පත් විකුණා දැමීමට කටයුතු කිරීමෙන් රට මහා අර්බුදයකට තල්ලු විය හැකි බවද අබෙිවර්ධන මහතා අවධාරණය කළේය.
ශ්‍රී ලංකාවේ වත්කම් ආරක්ෂා කරන බව කියා මහජනයා රැවටීමෙන් ඡන්ද ලබාගෙන දැන් පාලකයන් රටෙි වත්කම් විකුණා දැමීමට කටයුතු කරමින් සිටින බවද වජිර අබෙිවර්ධන මහතා පැවසීය.
පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අද (5)පැවති මාධ්‍ය හමුවකදී වජිර අබේවර්ධන මහතා මේ බව සඳහන් කළේය.

