‘‘අවබෝදයක් නැති වෙළෙඳුන් නිසා එළවළු මිල ඉහළ ගිහින්‘‘


(කාංචන කුමාර ආරියදාස)

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අද මධ්‍යම රාත්‍රී 12 ට විවෘත කිරීම සිදු කළ බව වෙළෙඳ සංගමය කියයි.

දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම එළවළු ගොවීන් සිය නිෂ්පාදන රැගෙන රාත්‍රිය වන විට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ඇතුළු වූ බව වෙළෙඳ සංගමය කියයි

එළවළුවලට මීට පෙර ඉහළ මිලක් ලැබුනද අද යම් මට්ටමකින් එළවළු මිල පහළ ගොස්බ ඇතැයි ව්‍යාපාරිකයෝ කියති.

ගෝවා, බෝංචි ,ලීක්ස් ,කැරට් , ආදී එළවළු කිලෝවක තොග මිල රුපියල් 150 ත් 250 ත් අතර පැවති අතර පහතරට එළවළු වම්බටු , මෑකරල්, කරවිල , පිපිඤ්ඤා, පතොල ආදී කිලෝවක තොග මිල රුපියල් 100 ත් 150 ත් අතර මිලක් පැවැතිණි. අමුමිරිස් කිලෝවක් රුපියල් 190 ත් 200 ත් අතර තක්කාලි කිලෝවද රුපියල් එකසිය විස්සේ සිට 150 දක්වා මිල පැවති බව වෙළෙන්දෝ පවසති

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට වෙළෙඳන් විවිධ රැකියාවල නිරත වූ පුද්ගලයන් බවත් වෙළඳාම් පිළිබඳව නිසි අවබෝධයකින් තොරව මිලදී ගැනීම් සිදු කෙරෙන නිසා මිල ඉහළ යෑම් සිදු වෙන බව ආර්ථික මධ්‍යස්ථාන ව්‍යාපාරිකයෝ පෙන්වා දෙති .

නියම වෙළෙන්දන් වෙළඳාම් කටයුතුවල නිරත වන්නේ නම් මෙවැනි තදබදයක් හෝ මිල ඉහළ යෑමක් සිදු නොවන බවද ඔවුහු පෙන්වා දෙති. එළවළු වෙළඳාම සිදු කෙරෙන්නේ ඉල්ලුම සහ සැපයුම අතර මිල දෝලනයක් බව ඔවුහු පෙන්වා දෙති

විවිධ රැකියාවන්හි නිරත පුද්ගලයන් එළවළු මිල දී ගැනීම් සඳහා පැමිණ වැඩි ඉල්ලුමක් පැවතීමත් සමග මිල ඉහළ යෑම සිදු වෙන බව ද එමඟින් පාරිභෝගික ජනතාවට විශාල මිලක් ලබා දී එළවළු පරිභෝජනයට ලබා ගැනීමට සිදුවන බව ඔවුහු පෙන්වා දෙති.