(නිමල කොඩිතුවක්කු)
ජනතා බලයෙන් පත්වූ පළාත් පාලන නියෝජිතයින් නෙරපා හරිමින් ජනතා ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරක් එල්ල කළ එක්සත් ජාතික පක්ෂය, විපක්ෂ නායක සහ සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට එම පක්ෂය සමග එක්වන ලෙස කරන ඉල්ලීම විහිලු සහගත බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා සඳහන් කරයි.
අතීත එජාපයේ තිබූ වටිනාකම්,සහ උදාර පුරුෂාර්ථයන් සමගින් සද් ජාතිකත්වය මත පදනම්වූ නවීන ගමනක සමගි ජනබලවේගය නිරත බැවින් එජාපය පිරිසිදු වී සමගි ජනබලවේගය සමග එක් වන්නේනම් පමණක් මෙහි දොරටු විවෘතව ඇති බවත් තවදුරටත් පරාජයේ මාවතම තෝරා ගන්නේනම් ඊට අනුකම්පා කරනු හැර වෙන විකල්පයක් නොමැති බවත් මහ ලේකම්වරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
එජාපය නාය යාමට හේතුවූ කරුණු පිළිබඳව ස්වයං පාපොච්චාරණයක යෙදීම එම පක්ෂයට පැවරී ඇති හොදම විසදුම වන අතර අපගේ ආණ්ඩුව පරාජයට මූලිකව හේතු වූ බැදුම්කර හොරුන් තවමත් ආරක්ෂා කරමින් ද,ආණ්ඩුව සමග හොර රහසේ ඩීල් දමමින් ද සිදු කරන ප්‍රෝඩාකාරී වැඩපිළිවෙළ ජනතාව අනුමත කරනවාදැයි විමසා සිටිමු යැයිද එහි තවදුරටත් සදහන් වේ.

