‘‘අතීතය පාරන්නේ නැතිව වළෙන් ගොඩ යන්න බලමු‘‘


(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

අර්බුදකාරී අවස්ථාවේ සියලු දෙනාගේම වගකීම සහ යුතුකම වන්නේ අතීතය පාරමින් සිටීම නොව අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ශක්ති ප්‍රමාණයෙන් සහය වීම බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද (6) පැවසීය.

රට ඇද වැටී තිබෙන අර්බුදයෙන් ගොඩ ඒම සඳහා මූලික අවධානය යොමු කරන්නට සිදුවී තිබෙන්නේ ආර්ථිකය ස්ථාවර කිරීමට සහ නව ආර්ථිකයක් නිර්මාණය කිරීමට බවත් මේ අවස්ථාවේ හැකි පමණ දේශපාලන ප්‍රතිසංස්කරණ ගණනාවක් කළ යුතු අතර රටට නව දේශපාලන සංස්කෘතියක් බිහි කිරීම සඳහා ආංශික අධීක්ෂණ කාරක සභා ක්‍රමය බලවත් කළ යුතුව තිබෙන බවද අග්‍රාමාත්‍යවරයා පැවසීය .

එහිදී විපක්ෂයට මෙන්ම ආණ්ඩුවට එකට වැඩ කළ හැකි බවද අග්‍රාමාත්‍යවරයා කීය.