
(රංජන් කස්තුරි)
කොළඹ ජාතික අක්ෂි රෝහලට පැමිණීමට පෙර දිනයක් හා වේලාවක් වෙන්කර ගන්නැයි එම රෝහලේ අධ්‍යක්ෂවරයා රොගීන්ගෙන් ඉල්ලීමක් කරයි.
රටපුරා සෑම ප්‍රදේශයකින්ම කොළඹ ජාතික අක්ෂි රෝහලට දිනපතා විශාල රෝගීන් සංඛ්‍යාවක් පැමිණෙන හෙයින් කොරෝනා ව්‍යාප්තවීමේ දැඩි අවදානමක් පවතින හෙයින් එම පියවර ගත් බව ද ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්ෂවරයා කියයි.
රටපුරා සෑම දිස්ත්‍රික්කයකටම පාහේ අක්ෂි සායන පැවැත්වෙන හෙයින් ප්‍රතිකාර ලබා ගැනීමට ළඟම පිහිටි අක්ෂි සායනයට සහභාගීවීමට රෝගීන්ට හැකි බව ද ඔහු කියයි.
අත්‍යවශ්‍යම සේවාවක් හා ප්‍රතිකාර ලබාගැනීමට පමණක් කොළඹ අක්ෂි රෝහලට පැමිණීමට හැකි අතර ඒ සඳහා ද දුරකතනය ඔස්සේ දිනයක් හා වේලාවක් වෙන් කරගැනීම අවශ්‍ය බව ද හෙතෙම සඳහන් කරයි.

