‘‘අකමැත්තෙන් වුවත් සහල් පිට රටින් ආනයනය කරනවා‘‘


(නිමල කොඩිතුවක්කු)

රට මුහුණ දී ඇති අර්බුදවලින් ගොඩ ගැනීම සඳහා ඉදිරි අයවැයෙන් සියලු සැලසුම් සකස් කරන බව ඉඩම් අමාත්‍ය එස්.එම් චන්ද්‍රසේන මහතා කොළඹදී අද පැවසීය.

රටේ ආර්ථිකය සංවර්ධනය කෘෂිකර්මාන්තය ඇතුළු සියලු ක්ෂේත්‍රයන් නගාසිටුවීමට නව වැඩපිළිවෙළක් මෙවර අයවැයෙන් ඉදිරිපත් කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

" පිටරටින් නැවත සහල් ගේන්න අපි කැබිනට් මණ්ඩලයේදී තීන්දුවක් ගත්තා. එය කැබිනට් මණ්ඩලය කැමැත්තෙන් ගත්ත තීන්දුවක් නොවේ.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා හැටියට පත්වුණාට පස්සේ සහල් පිටරටින් ගේන්න අවශ්‍යතාවය තිබුණත් සහල් ගේන එක නැවැත්තුවා. අපි බැලුවේ ගොවියාට සහ ව්‍යාපාරිකයාට සාධාරණයක් වෙන ආකාරයට මේ කටයුතු නිම වෙයි කියලා.

ජනාධිපතිතුමා සත්භාවයෙන් මේ රටේ ගොවියා ශක්තිමත් කරන්න තමයි සහල් ගෙන්වීම නැවැත්තුවේ. අපි ආණ්ඩුව ගන්න විට වී කිලෝ එක්ක සහතික මිල රුපියල් 32 යි. අපි මේක 55 ක් බවට පත් කළා. ගොවියා, මොල් හිමියෝ සහ ව්‍යාපාරිකයෝ අතර සමතුලිත තත්වයක් ඇති කරන්න උත්සහ කළාට එය බැරි වුණා.

ඒ නිසා රජයට සිද්ධවෙලා තිබෙනවා හාල් මෙක්ට්‍රින්ටොන් ලක්ෂයක් ගේන්න. ඒ සඳහා කැබිනට් අනුමැතිය ලබා දුන්නා. කොච්චර පිටරටින් ගෙනාවත්, හාල් මිල බැස්සත්, රජය සහතික මිලට අනුව වී රුපියල් 55ට ගන්නවා කියලා අපි කියනවා.