(මනෝප‍්‍රිය ගුණසේකර)
‘සුනාමි’ චිත්රපටයට එරෙහිව අන්තර්ජාලය, සමාජ මාධ්‍ය ජාලාවන් හා මුහුණු පොත හරහා කරගෙන යන අසත්‍ය හා අපහාසාත්මක ප‍්‍රචාර වහාම ක‍්‍රියාත්මක වන පරිදි වළකාලමින් ගල්කිස්ස දිසා විනිසුරු චන්දිමා ප‍්‍රභාකුමාරි දෑල මහත්මිය විසින් වාරණ නියෝගයක් නිකුත් කරන ලදී.
ලබන මස 10 වැනිදා තෙක් බලපැවැත්වෙන පරිදි අදාළ වාරණ නියෝගය ක‍්‍රියාත්මක කිරීමට ද විනිසුරුවරිය වැඩිදුරටත් නියම කළාය.
සෝමරත්න දිසානායක, රේණුකා බාලසුරිය සහ සිනේ ෆිල්ම්ස් පෞද්ගලික සමාගම විසින් රුපියල් කෝටි 5 ක වන්දියක් ඉල්ලා පවරා ඇති මෙම නඩුවේ වගඋත්තරකරු වශයෙන් නඩරාජා මනිවානන් මහතා නම් කර ඇත.
‘සුනාමි’ චිත්රපටයට එරෙහිව පිරිසක් අන්තර්ජාලය, සමාජ මාධ්‍ය ජාලාවන් හා මුහුණු පොත හරහා අසත්‍ය හා අපහාසාත්මක ප‍්‍රචාර කරගෙන යන බවත් ඒ හේතූවෙන් පැමිණිලිකරුවන්ට විශාල පාඩුවක් සිදුව ඇති බවත් පෙන්වා දෙන පෙත්සම්කරුවෝ එම අසත්‍ය හා අපහාසාත්මක ප‍්‍රචාර වහාම ක‍්‍රියාත්මක වන පරිදි වළකාලන වාරණ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලීමක් ද කළහ.
ඉදිරිපත් වූ කරුණු සළකා බැලූ දිසා විනිසුරුවරිය ලබන මස 10 වැනිදා තෙක් බලපැවැත්වෙන පරිදි අදාළ වාරණ නියෝගය නිකුත් කළාය.

