‘සයින්දමර්දු ගැටුම්වලින් ආරක්ෂක අංශ - පොලිස් සාමාජිකයින්ට හානියක් නැහැ’


(ඉන්දිකා රාමනායක)

අම්පාර සයින්දමර්දු ප්‍රදේශයේ ඇති වු ගැටුම්වලින් ආරක්ෂක අංශයේ හා පොලිසියේ කිසිවකුට හානියක් සිදුව නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.

මෙම සිද්ධයේ දී කාන්තාවන් තිදෙනෙක් හා ළමුන් තිදෙනකු රෝහල්ගත කර ඇත.